Sunday, September 27, 2020

මඤ්ඤොක්කා වගාව

     කල ප්‍රභේද 06ක්  ඇත.

ප්‍රභේදය

ලක්ෂණ

එම්.යු 51




  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 50 ට අඩු


වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත දම් රෝස පාටය.
  • අලයේ මදය සුදු පාටය.
  • දිගු ගෙලක් ඇත.

සී.ඒ.ආර්.අයි. 555


  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 28 - 30


වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත ලා රෝස පාටය (Pink &Whaite)
  • සුවදවත්ය.
  • මදය සුදු පාටය.

කිරිකවඩි




  • වයස (මාස) 6 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 18 - 22


වෙනත් කරුණු

  • අතු බෙදෙන වර්ගයකි.
  • වයස අනුව අස්වැන්න වෙනස්වේ.
  • පොත්ත ඇතුලත කිලිටි සුදු පාටකි.
  • මදය සුදු පාටයි.

සුරනිමල (BW 01)





  • වයස (මාස) 8 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 38- 40 PPM


වෙනත් කරුණු

  • අග්‍රස්ථය අතු බෙදීම සිදු වේ.
  • දුඹුරු පොත්තකින් හා සුදු පාට මදයකින් යුක්තය.

ස්වර්ණ (BW 02)




  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 20 - 25 PPM


වෙනත් කරුණු

  • කද රිදීමය අළු පැහැතිය.
  • මදය කහ පාට වන අතර පිටත පොත්ත දුඹුරු පාටවේ.

ශානි (BW 14)




  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 43 - 45 PPM


වෙනත් කරුණු

  • කද දුඹුරු පාට වන අතර කල්ගත වූ විට අතු බෙදීම සිදුවේ.
  • මදය සුදු පාටය.

No comments:

Post a Comment