Sunday, September 27, 2020

මඤ්ඤොක්කා වගාව

     කල ප්‍රභේද 06ක්  ඇත.

ප්‍රභේදය

ලක්ෂණ

එම්.යු 51




  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 50 ට අඩු


වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත දම් රෝස පාටය.
  • අලයේ මදය සුදු පාටය.
  • දිගු ගෙලක් ඇත.

සී.ඒ.ආර්.අයි. 555


  • වයස (මාස) 8 - 10
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 28 - 30


වෙනත් කරුණු

  • මධ්‍යස්ථ ලෙස අතු බෙදේ.
  • පොත්ත ඇතුලත ලා රෝස පාටය (Pink &Whaite)
  • සුවදවත්ය.
  • මදය සුදු පාටය.

කිරිකවඩි




  • වයස (මාස) 6 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 18 - 22


වෙනත් කරුණු

  • අතු බෙදෙන වර්ගයකි.
  • වයස අනුව අස්වැන්න වෙනස්වේ.
  • පොත්ත ඇතුලත කිලිටි සුදු පාටකි.
  • මදය සුදු පාටයි.

සුරනිමල (BW 01)





  • වයස (මාස) 8 - 12
  • අල කිලෝ ග්‍රෑම් 01 අඩංගු හයිඩ්‍රෝසයනික් අම්ල (HCN) ප්‍රමාණය (මි.ග්‍රෑ.) 38- 40 PPM


වෙනත් කරුණු

  • අග්‍රස්ථය අතු බෙදීම සිදු වේ.
  • දුඹුරු පොත්තකින් හා සුදු පාට මදයකින් යුක්තය.

ස්වර්ණ (BW 02)




  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 20 - 25 PPM


වෙනත් කරුණු

  • කද රිදීමය අළු පැහැතිය.
  • මදය කහ පාට වන අතර පිටත පොත්ත දුඹුරු පාටවේ.

ශානි (BW 14)




  • වයස (මාස) 8 - 12
  • අඩංගු සයනයිඩ් ප්‍රමාණය 43 - 45 PPM


වෙනත් කරුණු

  • කද දුඹුරු පාට වන අතර කල්ගත වූ විට අතු බෙදීම සිදුවේ.
  • මදය සුදු පාටය.

Wednesday, September 23, 2020

වී වගාවේ රෝග

 

වී වගාවේ පළිබෝධ

කහ පුරුක් පණුවා

පුරුක් පණුවන් විශේෂ කිහිපයක් ආසියාතික රටවල වී වගාවන්ට හානි පමුණුවයි. මොවුන් අතුරින් ශ්‍රී ලංකාවේ බහුල, ප්‍රධාන විශේෂය වන්නේ කහ පුරුක් පණුවාය.

ජීවන චක්‍රය

දිවා කාලයේ සෙවන ඇති ස්ථානවල රැදී සිටින පුරුක් පණු සලඹයන් ක්‍රීයාකාරීවන්නේ රාත්‍රී කාලයේය. සාමාන්‍යයෙන් දින 4ක පමණ ජිවිත කාලයක් ගත කරන ගැහැණු සලඹයින් බිත්තර 200-300ක් පමණ දමයි.එමෙන්ම මොවුන් ආලෝකය දෙසට ආකර්ශණය වන නිසා කේෂ්ත්‍රයේ අධික ගහන මට්ටම් ඇතිවිට පහන් අවට සලඹයින් විශාල සංඛ්‍යාවලින් දක්නට ලැබේ.

පුරුක් පණු සලඹයා

මෙවැනි අවස්ථාවල ගොයමේ ඇති පුරුක් පණු බිත්තර කැදලි ප්‍රමාණයද සලඹයින්ගේ සංඛ්‍යාවට අනුකූලව අධික වේ. ජීවන චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා සාමාන්‍යයෙන් සති 4-5ක් ගතවේ.

හානිය

බොල්වූ ශුකිකා සහිත සුදු කරල්සුහුඹුල් සලඹයාගෙන් හානියක් නැතත් කීට අවස්ථාව ගොයම් ශාකයේ කඳට හානි කරයි. මොවුන් ගොයම් ශාකයේ වර්ධක හා ප්‍රජනක යන අවධි දෙකටම හානි කරයි. පුරුක් පණුවන් ගොයම් ගසේ කඳ තුල පෝෂණය වේ. මේනිසා සනාල පද්ධතිය විනාශ වී හානිවූ රිකිලි මැරී යයි.

හානිය

කරල් හට ගැනීමට පෙර එනම් වර්ධක අවධියේ සිදුවන පුරුක් පණු හානියේ ප්‍රථිඵලය වන්නේ රිකිලිවල වැඩෙන අංකුරය සහ අභ්‍යන්තර පත්‍ර වියළීයාමයි. මේවා "මළ හදවත්" (dead hearts) ලෙස හඳුන්වය.පීදෙන අවස්ථාවේදි පුරුක් පණුවාගෙන් සිදුවන හානිය බොල්වූ ශුකිකා සහිත "සුදු කරල" (white heads) වශයෙන් දැකගත හැකිය. මෙහිදී සම්පූර්ණ කරල් බොල්වී වියළී යයි. ගොයම් කරල් වර්ධනයවන අවස්ථාවේ පුරුක් පණු ආසාදනය නිසා කඳ සම්පූර්ණයෙන් විනාශ නොවුනහොත් හානිය පත්‍ර කොපුවලටත්, කඳේ පහළ කොටසේ සමහර ස්ථාන වලටත් සීමාවිය හැක.

කඳ තුල සිටින පුරුක් පණුවා

මෙවැනි අවස්ථාවලදි කරලේ පහළ කොටසේ ශුකිකා සමහරක් පමණක් බොල්වේ. පුරුක් පණුවාගේ හානිය සිදුවූ බවට හඳුනාගත හැකිලක්ෂණ සමහරක් නම්,

කඳ තුල පුරුක් පණුවන් සිටීම.

පුරුක් පණුවන් නිසා කඳ කපා දමා ඇති බවට පෙන්නුම් කරන සලකුණු තිබීම.

කඳ තුල කීට අපද්‍රව්‍ය දක්නට ලැබීම.

පත්‍රවල වර්ණ වෙනස්විම හා පුරුක් පණු සලඹයා පිටවු සිදුරු කඳෙහි සහ පත්‍ර කොපුවල දක්නට ලැබීම.

වගාවක පුරුක් පණු බිත්තර කැදලි දක්නට ලැබීම.

පාලනය

කන්නයට වගා කිරීම

බෝග මාරුව (මෙය යායම එකට කළ යුතුය).

අස්වැන්න නෙලූ වගාව (ඉපනැල්ල) පසට යටකර දැමීම.

හොඳින් බිම් සකස් කර වල් පැළෑටි මර්ධනය.

අධික ලෙස නයිට්‍රජනීය පොහොර භාවිතයෙන් වැළකීම.

කෙටි කාලීන නිර්දේශිත ප්‍රභේද භාවිතය.

වසරකට කන්න 2 ක් පමණක් වගා කිරීම.

නයිට්‍රජන් අඩංගු පොහොර නිර්දේශය කොටස් වශයෙන් යෙදිම.

ගොඩ වි වගාවන් වෙනත් බෝග සමග මිශ්‍රව සිටුවිම.

පැළ ගහනය සුදුසු පරිදි පවත්වාගෙන යාම.

යාය එකට පීදෙන ලෙස වගා කිරීම.

නිර්දේශිත රසායනික පාලනය

කොපු පණුවා

ජීවන චක්‍රය


සුදු පැහැයක් ගන්නා සලඹයා දිගින් මි.මී. 6ක් පමණ වන අතර, විහිදුන පියාපත් හරහා මි.මී. 15ක් පමණ වේ. සුදු පැහැති පියාපත් මත කළු දුඹුරු පැහැයක් ගන්නා ලප තීරු කීපයක් ඇත. මොවුන් නිශාචරය. ආලෝකය දෙසට ආකර්ශණය වේ.


දින 8ක පමණ ජීවිත කාලයක් ඇති ගැහැණු සලඹයා සාමාන්‍යයෙන් බිත්තර 50ක් පමණ තැන්පත් කරයි. ජල පෘෂ්ඨයට ආසන්නව පත්‍ර තලය හා කොපුව මත කාණ්ඩ වශයෙන් තැන්පත් කරන මෙම බිත්තරවලින් කීටයන් පිටවන්නේ දින 4ක පමණ බීජෞෂණ සමයකින් පසුවය. දින 20ක පමණ වර්ධක කාලයක් ගත කරන මොවුන් කීට අවධි 5ක් පමණ පසුකරයි. ජීවන චක්‍රය දින 35කින් පමණ සම්පූර්ණ වේ.

සුහුඹුල් සලඹයා


මොවුන්ගේ ජලජ ස්වසනය සඳහා දේහයේ රෝම වැනි ජලක්ලෝම පිහිටයි. කොපු පණුවාට ගලා යන ජලය මඟින් වෙනත් කේෂ්ත්‍රය වෙත සංක්‍රමණයවී හානිය පැතිරිය හැක.


හානිය


බිත්තරයෙන් පිටවූ විගස ශරීරය වටා පත්‍රවලින් සාදාගත් කොපුව තුල සිට ලපටි පත්‍රවල උඩු අපිචර්මය ඉතිරිවන තෙක් යට පැත්තේ කොළ පැහැ කොටස් ආහාරයට ගනිමින් ජීවත් වේ. පසුව මේරූ පත්‍රද ආහාරයට ගනී. ශරීරය වටා ඔතා ගැනීමට පත්‍ර කොටස් කපා ගැනීම නිසා පත්‍ර තැනින් තැන කා දැමූ ස්වභාවයක් පෙන්නුම් කරයි. අධික ලෙස පත්‍රවලට හානි වුවහොත් අස්වැන්න අඩු විය හැක.

හානි වූ ලපටි පත්‍ර


පාලනය

වගාවේ පැළ අතර පරතරය වැඩි කිරීම

නියමිත කන්නයට වගා කිරීම

දින 5-7කට වරක් වගා කේෂ්ත්‍රයයේ ජලය කපා හැර 2ක් පමණ වියළීමට හැරීම

රසායනික පාලනය

හානි වූ මේරූ පත්‍ර


කොළ හකුලන දළඹුවා

ජිවන චක්‍රය


සලඹයා පිටවී පළමු දිනයේම බිත්තර දැමීම ආරම්භ කරයි. සාමාන්‍යයෙන් එක් ගැහැණු සතෙකුට බිත්තර 300ක් පමණ නිපදවිය හැකි අතර, මේවා තනි තනිව හෝ කුඩා කාණ්ඩ වශයෙන් පත්‍ර තලය මත හෝ කොපුව මත තැන්පත් කරයි.දින 3-5ක පමණ බීජෞෂණ සමයකින් පසු බිත්තරවලින් පිටවන පළමු අවධියේ කීටයා (දළඹුවා) ලපටි පත්‍ර කොටස් සූරා ආහාරයට ගනී. වර්ධක කාලයකින් පසුව දෙවන කීට අවධියට පැමිණෙන දළඹුවා පත්‍ර හකුලා ඒ තුල පෝෂණය වේ. කීට අවධි කිහිපයක් ගත කරන මෙම දළඹුවා දේහය කහ පැහැයට හුරු කොළ පැහැතිය. හිස තද දුඹුරු පැහැයක් ගනී. දින 16ක පමණ වර්ධන කාලයකින් පසු එළඹෙන පිලවා අවධියද ගත කරන්නේ හකුලාගත් පත්‍ර තුලය.


කීටයා


හානිය

මොවුන් පත්‍ර දාර එකට බැඳ නාලාකාර ව්‍යුහයක් සාදා එය තුල සිට පත්‍ර මධ්‍යයේ පටක සිරස් තීරු වශයෙන් සූරා කයි. මෙම හානිය පැතිරී ගිය අවස්ථාවල සුදු පැහැ ගැන්වූ හෝ දුර්වර්ණ වූ හැකිලුණු පත්‍ර නිසා ගොයමට නිසරුබවක් හා අවලස්සන බවක් ඇති වේ.හකුලාගත් පත්‍රයක් තුල පෝෂණය වන දළඹුවාට එම පත්‍රයේ මෘදු පටක ප්‍රමාණය අඩුවූ විට වෙනත් පත්‍රයක් වෙත සංක්‍රමණය වීම සිදුවේ. මේ නිසා ශාකයක පරිණත පත්‍රවල සිට අලුතින් හටගන්නා පත්‍ර කරා හානි ලක්ෂණ පැතිර යයි.

පත්‍ර දාර එකට බැඳ සාදාගත් නාලාකාර ව්‍යුහය


පාලනය

කන්නය ආරම්භයේදීම වගාව පිහිටුවීම

නයිට්‍රජන් අඩංගු පොහොර නිර්දේශිත පිළිවෙළටම යෙදීම

මතුපිට පොහොර කොටස් වශයෙන් යෙදීම

වගාව ආසන්නයේ එනම් නියර ආදි ප්‍රදේශවල ගොයම් නොවන වෙනත් කුඩා ශාක තිබෙන්නට හැරීම. මෙමගින් එම ප්‍රදේශයේ ජීවත්වන විලෝපික පළගැටියන්ට රාත්‍රී කාලයේදි කොළ හකුලන දළඹුවාගේ බිත්තර ආහාරයට ගෙන ඒවා විනාශ කළ හැක

ක්ෂේත්‍රය අවට වදුල ඉවත් කිරිම

රසායනික පාලනය




ගොක් මැස්සා

ජීවන චක්‍රය

ගොක් මැස්සා ප්‍රමාණයෙන් මදුරුවකුට සමානවන අතර, ගැහැණු සතාගේ උදරය තද රතු පැහැයක් ගනී. මොවුන් දින 4ක පමණ ජීවිත කාලයක් ගත කරයි. රාත්‍රී කාලයේ කඩිසරවන ගැහැණු මැස්සන් කර වළල්ල ආසන්නව පත්‍ර තලයේ යට පැත්තේ හෝ පත්‍ර කොපුව මත බිත්තර 100-300ක් පමණ තැන්පත් කරයි.දින 3-4ක බිජෞෂණ සමයකින් පසු බිහිවන කීටයන් අධික ආර්ද්‍රතාවයක් ඇති විට පත්‍ර කොපු අතරින් වැඩෙන අංකුරයන් වෙත සංක්‍රමණය වේ. ප්‍රශස්ත තත්ත්ව යටතේ මේ සඳහා පැය 6 පමණ කාලයක් ගත වේ.

සුහුඹුල් ගොක් මැස්සා


මේ අන්දමට අංකුරයක් මත ගොක් මැස්සාගේ කීටයෙක් පෝෂණය වීමේ ප්‍රතිඵලයවන්නේ වැඩෙමින් පවතින පත්‍රයක් රිදී ගොබයක් බවට විකසනය වීමයි. සුහුඹුලකු බවට පත්වීමට ප්‍රථම දින 15-20ක් පමණ වන කීට අවස්ථා හා දින 6ක පමණ වන පිළවා අවධිය රිදී ගොබය තුල ගත කරයි. රිදී ගොබයක් පැහැදිලිව දක්නට ලැබෙන විට පිළවා අවස්ථාවට එළඹ සිටී.පසුව රිදී ගොබයේ ඉහළ අග්‍රය වෙත සංක්‍රමණය වන පිළවා එහි සිදුරකින් සුහුඹුලකු වශයෙන් පිටවේ. මේ අවස්ථාවේදී රිදී ගොබය අග්‍රයේ පිටතින් පිලවාගේ කෝෂාවරණය දැකගත හැක.

ගොක් මැස්සාගේ බිත්තර


ගොක් මැස්සාගේ ගහණය අඩු වැඩි වීම දේශගුණික තත්ත්ව අනුව වෙනස් වේ. වියළි කාලවලදී වල් පැළෑටි මත හෝ වල් වී (wild rice) විශේෂ මත පූර්ව පිළවෙකු වශයෙන් අක්‍රීයව ගත කළ හැක. වැසි කාලය පටන් ගැනීමත් සමඟ සුහුඹුලන් බවට පත්වී වෙනත් ධාරක ශාක වෙත සංක්‍රමණය වේ.විකල්ප ධාරක මත ජීවන චක්‍රයක් සඳහා දින 9-14 පමණ ගත කරන අතර, ගොයම් ගසේ දින 9-26 තුලදී ජීවන චක්‍රය සම්පූර්ණ කරයි. මේ නිසා තවාන් අවධියේ ගොයමට සංක්‍රමණය වු ගොක් මැස්සන් කරල් හටගන්නා අවධිය වන විට පරම්පරා කීපයක් සම්පූර්ණ කරයි


සුහුඹුලා පිටව ගිය පසු ඉතිරි වූ කෝෂය


හානිය

බිත්තර පිපිරී එලියට එන කීටයන් පත්‍ර තලය දිගේ ලිස්සා ගොස් වර්ධක අංකුරය දක්වා ගමන් කර අංකුරය මුල ආහාරයට ගනී. එවිට වර්ධක අංකුරය විකෘතිවී රිදී ගොබ ඇති කරයි. මෙම හානියට ලක්වූ රිකිලිවලින් කරල් හට නොගැනේ.ගොක් මැස්සාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීම සඳහා අධික ආර්ද්‍රතාවයක් අත්‍යාවශ්‍ය හෙයින් මෙම හානිය වැඩිපුර ඇති වන්නේ වර්ෂා කාලයේත් මනා ජල සැපයුමක් ඇති කුඹුරුවලය. තෙත් හා වියළි කන්න වෙන් වෙන්ව ඇති ප්‍රදේශවල තෙත් කන්නයේ මුලින්ම පිහිටුවන වගාව මෙම හානියෙන් මඟහැරුනද පසුවී සාදන වගාවන් බලවත්සේ හානියට ගොදුරු වේ.

හානිය නිසා ඇති වූ රිදි ගොබ


පාලනය

වගාවේ හා අවට තෘණ කුලයේ ශාක මර්ධනය

දින 5-7 වරක් ජලය කපා හැර වියළීමට හැරීම

නියමිත කන්නයට වගාව පිහිටුවීම

නිර්දේශිත ප්‍රමාණයට පමණක් නයිට්‍රජන් පොටෑසියම් අඩංගු පොහොර යෙදීම

යාය එකට වගා කිරීම

නිරි වගාවන් ඇති වීමට ඉඩ නොදී ඉපනැල්ල පසට යටකර දැමීම

ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම. හානියට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද කීපයක් ඇත. ඒවා නම්,බී.ජී. 276-5, බී.ජී. 400-1, බී.ජී. 380, බී.ජී. 350, බී.ජී450, බී.ජී. 731-2 වේ

රසායනික පාලනය. නමුත් කෘමිනාශක මඟින් මෙම හානිය මර්ධනය කිරීම ද අපහසුය

ගොයාම් මකුණා

ජීවන චක්‍රය

ගොයම් කරල් මත පෝෂණය වන මකුණන් අතුරින් එක් විශේෂයකි. සිහින් දිගැති සිරුරක් සහින සුහුඹුලන් පැහැයෙන් දුඹුරුය. දිගු පාද හා දිගු ස්පර්ශක දරයි. පත්‍ර මත හෝ කරල් මත පේලි වශයෙන් බිත්තර තැන්පත් කරයි.බිත්තර වලින් පිටවන ශිශුවන් කොළ පැහැයක් ගන්නා අතර ශිශු අවධි 5ක් පසු කිරීමෙන් පසු සුහුඹුලකු බවට පත්වේ. සුහුඹුලෙක් දින 90ක් පමණ ජීවත් වන අතර මේ කාලය තුල අවම වශයෙන් බිත්තර 100ක් තැන්පත් කරයි. ජීවන චක්‍රය සඳහා දින 30ක් පමණ ගනී

සුහුඹුල් ගොයම් මකුණා


හානිය

සුහුඹුලන් මෙන්ම ශිශුවන් වී ඇටයෙහි සරු තුෂය හා උප තුෂය අතරින් මුඛ උපාංග ඇතුල්කර වැඩෙමින් පවතින සහල් ඇටය මත පෝෂණය වේ.පරාගනයෙන් පසු ඩිමිබකෝෂය සහල් ඇටයක් බවට පත්වීම සඳහා වර්ධනය වන කාලය තුල ඕනෑම අවස්ථාවක ගොයම් මකුණාට හානි කළ හැක.කිරි වැදෙන අවස්ථාව තෙක් සිදුකරන හානිය අනුව නොයෙක් ප්‍රමාණවලින් බොල්වීම සිදුවිය හැක. සහල් ඇට ඝන වන අවස්ථාවේ සිදුවන හානිය නිසා තත්ත්වයෙන් බාල සහල් ලැබේ

කරලට හානි කරන ගොයම් මකුණන්


පාලනය

වනාත, ඇලවේලි සුද්ධ කිරීම

යාය එකට පීදෙන ලෙස වගා කිරීම

වගාවේ වල් පැළෑටි මර්ධනය

නියරවල වල් පැළෑටි මර්ධනය

වල් පැළෑටිවල මල් හටගන්නා විට ඒවා ඉවත් කිරීම

රසායනික පාලනය ගොවීන් අනුගමනය කරන වෙනත් ක්‍රම ලෙස ගොයම් මකුණන් අල්ලා කුඩා නූලක් ගැට ගසා මුදා හැරීම

ගොයම් මකුණන් අල්ලා පත්‍ර කොපුවේ තැබීම. මෙහිදී අනතුරට පත සතාගෙන් නිකුත්වන පෙරමෝන නිසා අනෙක් ගොයම් මකුණන් ප්‍රදේශය අතහැර යයි

දුඹුරු පෑළ කීඩෑවා

ජීවන චක්‍රය


ගොයමට පළමුව සංක්‍රමණය වන දිග පියාපත් සහිත සුහුඹුලන් පත්‍ර කොපු හෝ මැද නාරටි තුල බිත්තර කැදලි වශයෙන් තැන්පත් කරයි. මෙම බිත්තරවල පළල් පැතලි පියන් දක්නට ඇත.දින 7-9ක බීජෞෂණ සමයකින් පසුව ශිශුවන් බිහිවේ. ශිශු අවස්ථා 5ක් ඇති අතර ඒ සඳහා දින 13-15ක් පමණ කාලයක් වැය වෙයි. පළමු අවධියේ ශිශුවන් සුදු පැහැවන අතර පසු අවස්ථා දුඹුරු පැහැගනී. සුහුඹුලන් සාමාන්‍යයෙන් දින 14ක පමණ ජීවිත කාලයක් ගත කරන අතර කෙටි හෝ දිග පියාපත් දරයි. දිග පියාපත් සහිත ගැහැණු සතුන් බිත්තර 100ක් පමණ ද, කෙටි පියාපත් සහිත සතුන් බිත්තර 300ක් පමණ ද තැන්පත් කරති


සුහුඹුල් කීඩෑවන්


ජීවන චක්‍රය

පීදීමට ප්‍රථම ගොයම් පැළෑටියේ වැඩිපුර සිටින්නේ කෙටි පියාපත් සහිත සුහුඹුලන්‍ය. වගාව පරිණතවීමත් සමඟම සංක්‍රමණය වීමේ හැකියාව ඇති දිග පියාපත් සහිත කීඩෑවන් වැඩියෙන් බිහිවේ.

හානිය

ජීවන චක්‍රයේ සියළුම අවස්ථාවන් පත්‍ර කොපුවේ ප්ලෝයම පටකවලින් අධිකව යුෂ උරාබීම නිසා ගොයම් ශාක පිළිස්සී ගියාක් මෙන් මිය යයි. මෙය කීඩෑ පිළිස්සීම ලෙස හඳුන්වයි.

පාලනය


වගාව නොකඩවා සුපරික්ෂාවට භාජනය කිරීම

අවශ්‍ය අවස්ථාවල පමණක් කෘමිනාශක යෙදීම. සමහර අවස්ථාවල වගාවේ ආරම්භක අවස්ථාවල නොනිසිලෙස කෘමිනාශක යෙදීම පරිණත අවධියේ දී කීඩෑවන් හිතකර සාධකයකි

ප්‍රතිරෝධී ප්‍රභේද වගාව බී. ඦී. 379-2 දුඹුරු පැහැකීඩෑවන්ට තරමක ප්‍රතිරෝධීත ඇති වී ප්‍රභේදයකි

ලපට් ශිශුවන්


පැළ මැක්කා

ජීවන චක්‍රය


සුහුඹුල් පැළ මැක්කන් මි.මී. 1-2ක් පමණ දිගැති, මෘදු දේහ සහිත කළු දුඹුරු පැහැති කෘමීන් වේ. මොවුන්ගේ ස්පර්ශක ඛණ්ඩ 5-8කින් යුක්ත වන අතර පටුවූ ද, දික්වූ ද, පියාපත් යුගල දෙකේ දාරවල සිහින් දිගැති කෙඳි පිහිටයි.


ගැහැණු සතාට කියතක ආකාරයක් ගන්නා ඩිම්බ නිධායකයක් ඇති අතර, මෙමඟින් පත්‍ර තලය සිදුරු කර බිත්තර තනි තනිව පටක තුල තැන්පත් කරයි. ළපටි බිත්තර මි.මී. 0.25ක පමණ දිග හා මි.මී. 0.1ක් පමණ පළල වන අතර, පත්‍ර තලයෙන් පිටතට අවර්ණ නෙරීමක් වශයෙන් දිස් වේ. පත්‍ර ආලෝක ප්‍රභවයක් දෙසට යොමුකර පරික්ෂා කිරීමෙන් මේවා පහසුවෙන් බලා ගත හැක

සුහුඹුල් පැළ මැක්කා


මේරීමත් සමඟ කහ පැහැයක් ගන්නා බිත්තරවලින් පිටවන ළපටි කීටයන් සුදු - කහ වර්ණයක් ගනී. පළමුව නිශ්චලව සිටින කීටයන් වැඩෙන පත්‍රවල හැකිලී ඇති දාර වෙතට සංක්‍රමණයවී ඒවායේ මෘදු පටකවල යුෂ උරා බීමෙන් යැපේ.මේ අන්දමට පත්‍ර මධ්‍යයේ ඇති පටක සෛලවල යුෂ උරා බීම නිසා ඒවා දුර්වර්ණයක් ගෙන දිග අතට හැකිලේ. මෙසේ හැකිළුනු පත්‍ර තුල කීට අවධි 3ක් හා අක්‍රීයව සිටින පිලා අවධි 2ක් ගතකර සුහුඹුලෙකු බවට පත්වේ.


ළපටි කීටයා


ගොයම් පැළ අවධියේදී හානි කරන ඉතා කුඩා කෘමියෙකි. සුහුඹුලන් හා ශිශුවන් පත්‍ර යුෂ ආහාරයට ගැනීම නිසා පත්‍ර රිදිවන් සුදු පැහැයකට හැරී රෝල්වී වියළී යයි.ගොයම් පැළ මේරීම පැළ මැක්කන්ගේ ගහණ වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් වේ. මේ හෙයින් මොවුන් ළපටි පැළවෙත ක්‍රමයෙන් සංක්‍රමණය වීමේ හැසිරීම් රටාවක් පෙන්වයි. කන්නයක් පසුවී වගාකරන ගොයමේ පැළ මැක්කන් අධික ගහණ මට්ටම් දක්නට ලැබෙන්නේ මේ නිසාය. වියළි කාලවලදී හානිය උග්‍ර වේ. කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන් සිදුවන හානිය අස්වැන්න කෙරෙහි වඩාත් බලපායි.

රිදිවන් සුදු පැහැයට හැරුන පත්‍ර


දැනට වගාකරන වැඩි අස්වැන්න දෙන වී ප්‍රභේද සියල්ලම පාහේ පැළ මැක්කාගේ හානියට ග්‍රාහීවන ඒවා වුවත්, පැරණි කෙටි කාලීන වී ප්‍රභේද බොහොමයක ඔරොත්තු දීමේ ලක්ෂණ ඇතුළත් වේ.


පාලනය


නියමිත කන්නයට වගා කිරීම

නිසි වගා ක්‍රම අනුගමනය කිරීම

කන්නය පමාවී වපුරන විට බීජ ප්‍රතිකාර කිරීම

හානිය වැඩි අවස්ථාවල කෘමිනාශක යෙදීම

තවාන් දින 2ක් පමණ ජලයෙන් යටකර තැබීම

හයිඩ්රීුලියා මැස්සා

ජීවන චක්‍රය


මි.මි. 2ක් පමණ වන සුහුඹුල් මැස්සා පත්‍ර තලය මත බිත්තර තනි තනිව තැන්පත් කරයි. බිත්තරවලින් පිටවන කීටයා (හයිඩ්‍රීලියා මැස්සා හෙවත් කරටි පණුවා) ශාකයේ කරටිය මැදට සංක්‍රමණයවි වර්ධනය වෙමින් පවතින පත්‍රවල ඇතුල් දාරයේ පටක සූරාකයි.


කරටි පණුවා

හානිය

කරටි පණුවා වර්ධනය වන පත්‍රවල ඇතුල් දාරයේ පටක මත යැපේ. පත්‍ර වර්ධනයවී දිග හැරීමත් සමග මේ අන්දමට හානිවූ පටක සුදු කහ පැහැයකින් දිස් වේ.සාමාන්‍යයෙන් පැළ අවධියේ සිට උපරිම පඳුරු දමන අවස්ථාව පසුවන තෙක් වැඩෙන පත්‍රවල මෙම හානිය දැකිය හැකි වුවද, කෙටි කාලීන වී ප්‍රභේදවල විශේෂයෙන් පැළ අවධියේදි අධික හානි ඇති වූ අවස්ථාවල ධජ පත්‍රයද කරලේ කොටස් (ශුකිකා) ද, සුදු පැහැයක් ගෙන විනාශ විය හැක.කරටි පණුවාගේ හානිය වැඩිපුර දක්නට ලැබෙන්නේ ජලය බැඳ තැබූ කුඹුරුවලය

කරටි පණුවාගේ හානිය


මෙයට ප්‍රධාන හේතුව වන්නේ සුහුඹුලන් බිත්තර දැමීම සඳහා මෙවැනි ස්ථාන තෝරා ගැනිමයි. හානි කළ ප්‍රමාණය අනුව රිකිලි දැමීම අඩුවී පරිණතවීමද පමාවිය හැක.


පාලනය

වගාවේ පළමු දින 30 දී දින 3-4කට වරක් ජලය කපා හැරීම

ජල පෘෂ්ඨයේ ඇසෝල්ලා වැනි පාසි වර්ග වැවීම

වී වපුරන වගාවන්හි හානිය පැළ සිටුවන වගාවන්ට වඩා අඩුය පැළ ගහනය වැඩිනම් හානිය අඩුය.

Rice Cultivation in Sri Lanka

 

RICE CULTIVATION IN SRI LANKA

MAJOR INSECT PESTS AND MITE PESTS OF RICE 

On the basis of the extent and severity of the damage, the following insects are considered as major pests of rice in Sri Lanka.

A pest of young rice seedlings. Adult and nymphs suck the cell sap from the leaf tissues. Damaged leaves roll inwards along the margins, feeding cause leaf drying resulting poor crop growth. The damage is severe under water stress conditions. Late planted crops are more prone for damage. Short duration traditional rice varieties like Dahanala, Kaluheenati, Kalubalawee are resistant to thrips. Higher trichome density on leaf surface found to be responsible for thrips resistance in rice. Effective control methods available:

Submerge infested crops intermittently for 1-2 days.Drag a wet cloth on theseedlings.Apply recommended insecticides if difficult to controlFor endemic areas use a recommended seed-dressing formulation

Brown Plant Hopper

Heavy infestations produce symptoms of hopper burn. Leaves dry and turn brown after insect feeding, and patches of burned plants are often lodged. It is a vector of grassy stunt and ragged stunt virus diseases. The rice plant is most sensitive to attack at late vegetative and reproductive stages.

The economic threshold for BPH at booting stage is 2 per hill and at heading 5 per hill. Since spiders are considered major predator of BPH, the economic threshold levels are adjusted according to the number of spiders present. Number of effective predators and parasites are known. 

Ptb 33, a variety with a high level of resistance to BPH, is extensively used in the breeding program. A number of varieties with moderate level of resistance to BPH have been developed: Bg 379-2, Bg 300, Bg 403, Bg 304, Bg 357, Bg 358, Bg 360. 


Effective control methods available:

Cultivate resistant varieties.

Draining the paddy field to reduce moisture help prevent BPH multiplication.

Indiscriminate use of insecticides during vegetative stage known to cause BPH outbreaks. Use insecticides only when and where needed during vegetative stage especially for the control of leaf eating caterpillars.

Monitor crop regularly for signs of early BPH infestations.

Select a safer insecticide if required.

Safer and effective insecticides are available for use during epidemics


Yellow Stem Borer (YSB): Scirpophaga incertulas (Lepidoptera: Pyralidae) 

The caterpillars bore into the rice stem and hollow out the stem completely. Attacked young plant shows dead heart and older plants show white heads. Often plants break where the stem is hollowed out causing lodging. 

Serious out breaks of YSB are very rare. Resistant varieties are not available. Effective insecticides are available for YSB control.

Rice Leaffolders (RLF): Cnaphalocrocis medinalis; Marasmia spp. (Lepidoptera: Pyralidae) 

The caterpillars infest the leaves and feed on the mesophyll. They fasten the edges of a leaf together and live inside the rolled leaf. Feeding reduces productive leaf area that affects plant growth. Cloudy and humid weather, shady locations and high N-fertilizer favor pest build up. 


Control measures available


Establish crop at recommended plant spacing

Use recommended dose of N-fertilizer

Monitor crop regularly. ELT

ETL 25% of leaves showing > 50% damage

Use safer IGR for control


Rice Gall Midge (RGM) Orseolia oryzae (Diptera: Cecidomyiidae) 


coleoptern predatory beetle have been identified.

Severity of damage is related to the crop growth stage of attack. The larvae move down between the leaf sheaths until they reach the apical bud or one of the lateral buds. They lacerate the tissues of the bud and feed until pupation. The feeding cause formation of a gall called a "Silver" or "Onion" shoot. Galls terminate the tiller development and hence affect rice yield. 

Gall midge damage is high in wet humid weather. As such gall midge infestation is high in dry and intermediate zones in maha and in the wet zone during yala. 

Resistance available in varieties like Ptb 18/ Ptb 21 and Eswarakora has been used to develop a number of improved varieties with resistance to gall midge. Since biotype development on resistant varieties is common breeding for resistance is difficult. The gall midge biotype detected after 1986 is termed as biotype II. Varieties resistant to biotype II are: Bg 304, Bg 357, Bg 359, Bg 360. 


Control methods:

Granular insecticides are recommended for gall midge control. Since farmers use granules after observing damage symptoms it is difficult to obtain a good control with granules.

Cultivation of resistant varieties in endemic areas is the most economical method.


Paddy bug (PB) Leptocorisa oratorius (Hemiptera: Alydidae) 

Sucks the developing grains causing empty or partially filled grains. Both nymphs and adults damage the grains. Damage estimated to reduce 3-5% rice yield in the country. 

Paddy bug can feed and reproduce only on rice. Adults and mature nymphs can feed and survive on alternate weed hosts. 

A number of predators and egg parasitoids have been identified. Gryon nixoni is the most common egg parasitoid found in Sri Lanka.

Rice sheath mite(Panicle rice mite): Steneotarsonemus spinki smiley (Acari : Tarsonemidae)

Sheath mite can be considered as a serious pest in rice crop causing 5% - 90% yield losses.It is microscopic in size.Sheath mites live in the space between leaf sheaths and feed on the adaxial surface of leaf sheath and developing kernels.High infestation at booting stage of the crop resulted erected by the presence of chocolate brown colour lesions on leaf sheaths.Sheath mite damage the crop indirectly by rectoring pathogenic fungi such as sheath rot causing sarocladium oryzae.


Effective control methods available

Destroy infected stubbles by plugging just after harvesting or by burning.

Sun drying of seed paddy before soaking.

Weed management

Monitor the crop from early booting stage for chocolate color lesions on leaf sheaths.

Single application of recommended insecticides if the signs have been observed.

Crop rotation with leguminous crops such a meeng

Follow the fied for 2-3 seasons if the problem was not controlled with the above measures.


Insecticide recommendations for rice pest control

Pests of Stored Paddy and Rice

Four important species of pests of stored paddy and rice are found in Sri Lanka.

Grain Moth- Sitotroge cerealella 

Infestation of grain moth starts in the field and may reach serious levels in the store. The damage is done by larvae which are elongated, dirty white about 8 mm long. The pupa is dark brown. The adult is a small, straw colored moth about 7 mm long; the wings are 15 mm across when open. Infestation of grain moth could be minimized by sun drying of seeds to minimize moisture content down to 8.0% and pack in polythene or paper bags. 


Grain weevil- Sitophilus granarius 

Two species of stored product pests belongs to genus Sitophilus are found in rice in Sri Lanka. They are Sitophilus granerius and S. oryzae. Infestation of these two species starts in the field. Eggs laid on rice seeds, hatch into tiny grubs which feed the grain. Mature larvae are legless and dirty white about 4 mm long. Pupation takes place in the grain. Adult beetles are small brown weevils. They are about 3.5-4.0 mm long with rostrum. This pest could be controlled by spraying the store with pirimiphos-methyl at the rate of 27 ml per 9 liters of water. Spray gunny bags with the same insecticide and sundry them before use. 

Red flour beetle: Tribolium cestaneum

Red flour beetle is a secondary pest and their damage is extensive in previously holed or broken grains. Both larvae and adults damage the seeds. 

The larvae are yellowish white. The head is pale brown. They are about 6 mm long when fully grown. Pupae are yellowish white at the early stages and become brown in colour later. The adult is flat and reddish brown in colour. This pest could be controlled by following sanitary measures and spraying pririmiphos methyl to the stores and gunny bag before use.